Saturday, November 22, 2025
HomeදේශීයIMF ණය මිලියන 333යි – රනිල් කර්මාන්ත බිලිදීම මිලියන 800යි

IMF ණය මිලියන 333යි – රනිල් කර්මාන්ත බිලිදීම මිලියන 800යි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරමින් මෙරට ආර්ථිකය හැකිලීමේ දරුණු ප්‍රතිවිපාක පිළිබඳව මේ වනවිට දත්ත සහිතව හෙළීවී තිබේ.

මෙම වසරේ මුල් කාර්තුවේදී ආර්ථිකය හැකිලීම 11.5%ක් ද, දෙවන කාර්තුවේදී හැකිලීම 3.1%ක් ද වී තිබෙන අතර එම බලපෑමෙන් මෙරට කාර්මික අපනයන අංශය දරුණු ලෙස කඩා වැටී තිබේ. වසරේ ගෙවුණු මුල් මාස 6 තුළ කාර්මික අපනයන ආදායම පසුගිය වසරේ එම කාලයට වඩා ඩොලර් මිලියන 799.4කින් පහත වැටී ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට මේ දක්වා ලබාදී තිබෙන්නේ ඩොලර් මිලියන 333ක ණය මුදලක් පමණි.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව සහ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ නිලධාරීන් මෙරට ආර්ථිකය දරුණු ලෙස හකුලනු ලැබීය. එමෙන් ම මාසික වැටුප් ලබන්නන් මත දරා ගත නොහැකි පීඩනයක් එල්ල කරමින් 36% දක්වා වූ ඍජු බදු පැනවීමක් ඉන්ධන සහ විදුලිය ගාස්තු 300%කින් පමණ ඉහළ දැමීඹ වැනි පීඩාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරනු ලැබීය

RELATED ARTICLES

Most Popular

Recent Comments