ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණෙනු ඇත.
ඒ අනුව ලබන 10 වනදා සිට 23 වනදා දක්වා ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.
එම කාලය තුළ ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනයන්, ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

