Homeසියලුම පුවත්IOC සහ සයිනොපෙක් පෙට්‍රල් මිලත් පහළට

IOC සහ සයිනොපෙක් පෙට්‍රල් මිලත් පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල අඩු කිරීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සහ සයිනොපෙක් සමාගමද සිය පෙට්‍රල් මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව IOC සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර රුපියල් 399ක් දක්වා පහළ දමා ඇත.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 475කි.
කෙසේ වෙතත්, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කිරීමට IOC සමාගම පියවර ගෙන නොමැත.
මේ අතර, සයිනොපෙක් සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පහළ දමා තිබේ.
ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර රුපියල් 399ක් දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර රුපියල් 475ක් දක්වාත් සංශෝධනය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments