මාස තුනකට අධික කාලයක් ක්රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ අවසන් මහා තරගය අද (31) අහ්මදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.
ශූරතාව සඳහා මෙවර තරග වදින්නේ ගුජරාට් ටයිටන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම්ය.
මූලික වටයේ තරග 70 අවසානයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බැංගලෝරු කණ්ඩායම සමත් වූ අතර, ගුජරාට් ටයිටන්ස් දෙවන ස්ථානය හිමිකර ගත්තේය.
වත්මන් ශූරයන් වන බැංගලෝරු කණ්ඩායම සිය ශූරතාව රැක ගැනීමේ අරමුණින් පිටියට පිවිසෙන අතර, 2022 IPL ශූරයන් වන ගුජරාට් ටයිටන්ස් දෙවන වරටත් ශූරතාව දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් තරග වදිනු ඇත.
IPL අවසන් මහා තරගය අද

