ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර අද (8) රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේ සියලු තරග අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන හිමිකරගෙන තිබුණේද ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් දෙකයි.
Qualifier 1 තරගයෙන් තියුණු ජයක් ලබා ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට පළමුව සුදුසුකම් ලැබීය.
Eliminator තරගය ජයගත් ගෝල් ගැලන්ට්ස්, දෙවන සුදුසුකම් ලැබීමේ තරගයේදී කළම්බෝ කැප්ස් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
LPL අවසන් සටන අද

