Homeසියලුම පුවත්LPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේ

LPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව ක්‍රීඩාංගණයේ ‘C’ Upper and Lower සහ ‘D’ Upper and Lower යන කොටස් වෙත ප්‍රේක්ෂකයින්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව හිමි වේ.
ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
ප්‍රේක්ෂකයින් සඳහා ක්‍රීඩාංගණයේ සියලුම දොරටු සවස 5.30 සිට විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම තරගය ආරම්භ වීමට පෙර ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් විනෝදාස්වාද අංග මාලාවක් සහ ආකර්ෂණීය සමාප්ති උත්සවයක් පැවැත්වීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments