Wednesday, November 19, 2025
Homeසියලුම පුවත්Online ක්‍රමයට ඔප්පු සහ පත්තිරු ලබා දීම ඇරඹේ

Online ක්‍රමයට ඔප්පු සහ පත්තිරු ලබා දීම ඇරඹේ

මාර්ගගත ක්‍රමයට (online) ඔප්පු සහ පත්තිරු ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (16) දින සිට ශ්‍රී ලංකාව පුරා මෙය ක්‍රියාත්මක බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. එම්.එම්.බී වීරසේකර මහතා පැවසුවා.

මෙහි ප්‍රථම අදියර පසුගිය 07 දින කොට්ඨාවේ පිහිටවූ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී ආරම්භ කර තිබෙනවා.

උපත්, මරණ, විවාහ මාර්ගගත ක්‍රමයට (online) ලබාදීමේ ක්‍රමවේදය පසුගිය අගෝස්තු 02 දින රට පුරා ආරම්භ කෙරුණා.

එම වැඩපිළිවෙළ තුළින් මේ වන විට පිටපත් 50,000කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව සඳහන්.

MY NAME, MY NUMBER, MY NATION තේමාව යටතේ එකම අංකයකින් ජාතික උප්පැන්න සහතිකය ලබාදීමේ ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම ලබන සතියේ හැදුනුම්පත් දෙපාර්තමේන්තුව සමඟ අත්සන් කරන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments