Thursday, October 24, 2024
HomeදේශීයX- Press Pearl අතුරු වන්දිය සොච්චමයි – ලැබිය යුතු වන්දියෙන් 0.0139%යි

X- Press Pearl අතුරු වන්දිය සොච්චමයි – ලැබිය යුතු වන්දියෙන් 0.0139%යි

?කොළඹ වරාය ආසන්නයේදී ගින්නෙන් විනාශයට පත් වූ X- Press Pearl නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කර ඇති වන්දි මුදල ඩොලර් ලක්ෂ 64,000ක් වන අතර ඒ වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස ඇමෙරිකානු ඩොලර් අටලක්ෂ අනූ දහසක් ($890,000) මුදලක් ලැබුණු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ඩොලර් අටලක්ෂ අනූ දහසක් ($890,000) යනු මෙරටට ලැබිය යුතු වන්දියෙන් 0.01390625%ක් වන අතර එය ආසන්න වශයෙන් 0.0139%කි.

ඒ අනුව ලැබී ඇති අතුරු වන්දිය සම්බන්ධයෙන් ඇමති විජේදාස ප්‍රමුඛ ආණ්ඩුව උදම් ඇනුවද එය ඉතා සොච්චම් මුදලකි.

මේ අතර X-Press Pearl නෞකාවෙන් මෙරට සමුද්‍රීය ආරක්ෂණ පද්ධතියට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් කෝටි 640ක වන්දි ලබාගැනීමට බාධා පැමිණ වීම සඳහා එක්තරා පුද්ගලයෙකු ඩොලර් මිලියන 250ක අල්ලසක් ගෙන ඇති බව පසුගිය අප්‍රේල් මාසයේදි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටි නමුත් ඔහු කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නැත.

දේශපාලන විචාරකයන් පවසන්නේ ලැබිය යුතු තක්සේරු පිළිබඳව අමතක කර ඇමෙරිකානු ඩොලර් අටලක්ෂ අනූ දහසක් ($890,000) මුදල පිළිබඳව පමණක් ආණ්ඩුව ප්‍රචාරය කරමින් සිටින්නේ රටේ ජනතාව මුලා කිරීමේ අරමුණෙන් බවය.

උක්ත අතුරු වන්දි මුදල ලබා දී ඇතැයි පැවසෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැරූ වියදම් පියවා ගැනීම සඳහාය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments