Monday, January 26, 2026
Homeදේශීයඅංක තහඩු නැති ජීප් රථයක් සමග 2ක් අත්අඩංගුවට

අංක තහඩු නැති ජීප් රථයක් සමග 2ක් අත්අඩංගුවට

අංක තහඩු නොමැති ජීප් රථයක් සහ සැකකරුවන් දෙදෙනකු නූරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 34 සහ 40 වයස්වල පසුව පුද්ගලයන් දෙදෙනෙකි.

දෙහිඕවිට අටළුගම වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ නිවෙසක අංක තහඩු නොමැති ජීප් රථයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීහු කණ්ඩායමක් එම නිවෙසට වැටලූහ.

එහිදී එම ජීප් රථයට අදාල වලංගු බලපත්‍ර සහ ලියවිලි ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වී ඇති අතර එම ජීප් රථය තුළ තිබී වාහන අංක තහඩු දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ජීප් රථය අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments