කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අද (18) දිනට අදාළ නවතම අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද ස්ථාන කිහිපයක සුළු වැසි ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝවිට වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමා යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

