අද (09) දිනයේ දිවයිනේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7ක් ලෙස පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දහවල් කාලයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් නිකුත් කර තිබේ.
ඒ අනුව සෙල්සියස් අංශක 35.0 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වූ තවත් ප්‍රදේශ 7ක් පවතී.
මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, මහඉලුප්පල්ලම, මොනරාගල සහ මත්තල යන ප්‍රදේශවලින් එලෙස සෙල්සියස් අංශක 35 ඉක්මවූ උෂ්ණත්ව අගයන් වාර්තා වී ඇත.

