Homeසියලුම පුවත්අද පස්වරුවේ වැසි සහ ගිගුරුම් – කාලගුණයෙන් අවවාදයක්

අද පස්වරුවේ වැසි සහ ගිගුරුම් – කාලගුණයෙන් අවවාදයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (27) පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මි.මී. 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු ඇතිවිය හැකි බැවින්, ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments