අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.

