Homeසියලුම පුවත්අදත් පස්වරු වෙද්දී ප්‍රදේශ රැසකට තද වැසි

අදත් පස්වරු වෙද්දී ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් (29) පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.
දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් තත්ත්වයද පවතින බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments