Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි අපේක්ෂා කෙරේ

අදත් ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි අපේක්ෂා කෙරේ

බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල අද (23) උදෑසන කාලයේදී ස්ථාන කිහිපයකට සුළු වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලට අමතරව හම්බන්තොට හා පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං හමා යා හැකි බවද නිවේදනය කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments