Saturday, March 7, 2026
Homeඅධ්‍යාපනඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනාධිපතිගෙන් පිළිතුරු.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනාධිපතිගෙන් පිළිතුරු.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්ව එක් කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ, අද (21) ජනාධිපති කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමඟ පැවති සාකච්ඡාවකදීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද පිළිගන්නා බවත්, විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල දරුවන්ට එය අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දුන්හ.

විශ්වවිද්‍යාල පද්ධතිය සුරක්ෂිත කිරීම, ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු, විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා වූ අතර, රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සහාය ලබාදීමට සූදානම් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments