Homeසියලුම පුවත්අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකට භාරදීමට සූදානම්

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකට භාරදීමට සූදානම්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය සූදානම් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරන බවයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට අමාත්‍යවරයා වගකීම ඉටු නොකළ බව පවසමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර ඇත.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී අදාළ යෝජනාවට අත්සන් තබා තිබේ.

මේ අතර, බාල ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමින් එවකට බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි මහතාට එරෙහිවද මීට පෙර විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව පිළිබඳ විවාදය අප්‍රේල් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, වැඩි ඡන්ද 104කින් එය පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 49ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද 153ක් ලැබී තිබුණි.

මීට අමතරව, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය පසුගිය ජනවාරි මාසයේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූ බවද වාර්තා විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments