Friday, March 13, 2026
Homeසියලුම පුවත්අමෙරිකානු යානය කඩා වැටීමේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනී

අමෙරිකානු යානය කඩා වැටීමේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනී

අමෙරිකානු හමුදාවට අයත් ‘Boeing KC-135 Stratotanker’ ගුවන් යානයක් ඉරාකයේදී අනතුරට ලක්වීමේ සිද්ධියට වගකීමක් ඉරානයට සමීප ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.
ඉරානයට එරෙහි මෙහෙයුමකට සහභාගී වූ අමෙරිකානු ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස කඩාවැටී ඇති අතර, එහි සිටි කාර්ය මණ්ඩලය ගලවා ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරීවරයා බ්‍රහස්පතින්දා සඳහන් කළේය.
ඔහු තවදුරටත් පැවසුවේ, මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ අමෙරිකානු හමුදා විසින් සිදු කළ ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ එකක් නොවන බවයි.
කෙසේවෙතත්, ඉරානයේ සහාය ලබන “The Islamic Resistance in Iraq” නම් සන්නද්ධ කණ්ඩායම මෙම ගුවන් යානය බිම හෙළීමේ වගකීම භාරගෙන තිබේ.
තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීමේ අරමුණින් KC-135 යානයට වෙඩි තැබූ බව එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කඩා වැටුණු ගුවන් යානයේ අවම වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිටි බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments