කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද වාර්තා වෙයි.
වැටලීම සිදුකළ අවස්ථාවේදී සැකකාරියගේ පුත්‍රයා නිවසින් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ 81 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

