Homeසියලුම පුවත්අස්වැසුම ප්‍රතිලාභීන් ඉලක්ක කර මුදල් වංචා කිරීමේ උත්සාහයක් – සැකසහිත ඇමතුම් ගැන...

අස්වැසුම ප්‍රතිලාභීන් ඉලක්ක කර මුදල් වංචා කිරීමේ උත්සාහයක් – සැකසහිත ඇමතුම් ගැන පොලීසියට දන්වයි

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ අරමුණින් සිදුකරන දුරකථන වංචා සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විවිධ දුරකථන අංක භාවිත කරමින් අස්වැසුම ප්‍රතිලාභීන් අමතා, තමන් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් බව පවසමින් සම්බන්ධ වන බව සඳහන් වේ.

තොරතුරු යාවත්කාලීන කිරීම හෝ වෙනත් සේවාවක් සපයන බව පවසමින් මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින අවස්ථා වාර්තා වී ඇති අතර, එවැනි ඉල්ලීම් කිසිවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල ක්‍රියාපටිපාටියට අයත් නොවන බව එම මණ්ඩලය අවධාරණය කරයි.

එබැවින් මෙවැනි සැකසහිත දුරකථන ඇමතුම් ලැබුණහොත් කිසිදු මුදලක් ලබා නොදී වහාම අදාළ පොලිස් ස්ථානයට හෝ පොලිස් බලප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටී.

තවද, මෙම වංචාකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් අවධානයෙන් කටයුතු කරන ලෙසත්, වසම්භාර නිලධාරීන්ට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments