Homeසියලුම පුවත්අහංගම වෙල්යායකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අහංගම වෙල්යායකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අහංගම ප්‍රදේශයේ වෙල්යායක තිබී 23 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු තම කුඹුරේ වැඩ කටයුතු නිමවා නිවස බලා පැමිණෙමින් සිටියදී සැකකටයුතු අන්දමින් මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මළ සිරුර අහංගම, උඩුමුල්ලවත්ත ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයාගෙන ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments