ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු, 2025 මැයි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තනතුරේ පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා පෙර සිටම පත්කර තිබුණි.
ඒ අනුව, ස්ථිර පදනමින් එම තනතුරට පත් කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස චමින්ද පතිරාජ ස්ථිරව පත්කෙරේ

