Homeසියලුම පුවත්ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.
ඒ අනුව, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට නියමිතය.
වෙළෙඳපොළ තත්ත්වය සහ විනිමය අනුපාතයේ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
අද (20) සිට ඇසුරුම් කරන කිරිපිටි සඳහා නව මිල ගණන් ක්‍රියාත්මක වන අතර, දැනට වෙළෙඳපොළේ පවතින කිරිපිටි තොගවල මිල ඉහළ නොයන බවද ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කළේය.
මේ අතර, රුපියල අවප්‍රමාණය වීම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් සීනි, පරිප්පු, හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments