මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකුට අයත් බව කියන ඇඹිලිපිටිය ප්‍රදේශයේ දේපළ කිහිපයක පරිහරණය අත්හිටුවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
ඒ අනුව එක් පුද්ගලයෙකුගේ ඇඹිලිපිටිය කාන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි අක්කරයකට ආසන්න ඉඩමක් සහ තෙමහල් නිවසක පරිහරණය තහනම් කර ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න බව වාර්තා වේ.
එමෙන්ම ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පිහිටි අනෙක් පුද්ගලයාට අයත් බව කියන පර්චස් 23.7ක ඉඩම සහ තෙමහල් නිවසක පරිහරණය ද අත්හිටුවීමට පියවර ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයන් අදාළ වත්කම් ඔවුන්ගේ සමීපතමයන්ගේ නම්වලින් මිලදී ගෙන ඇති බවට මේ වනවිට සැක පළ වී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

