ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, රන් අවුන්සයක් ඩොලර් 4,843ක් ලෙස සටහන් වී ඇත.
මෙම ඉහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිලද වැඩිවී ඇති අතර, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව අද උදෑසන රත්‍රං මිල රු. 10,000කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද කැරට් 22 රන් පවුමක් රු. 351,500ක් ලෙසත්, කැරට් 24 රන් පවුමක් රු. 380,000ක් ලෙසත් දැක්වෙයි.

