Homeසියලුම පුවත්ඉදිරි පැය 36ට වැසි තත්ත්වය තවදුරටත්

ඉදිරි පැය 36ට වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 36 තුළත් පවතිනු ඇති බව වාර්තා වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments