Homeසියලුම පුවත්ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් - පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වන්න

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් – පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වන්න

දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරේ වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

2017 සිට 2019 දක්වා කාලය තුළ පළාත් සභා 9ක ධුර කාලය අවසන් වූ අතර, එතැන් සිට මේ දක්වා පළාත් සභා මැතිවරණය පවත්වා නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments