ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සංචාරය සැප්තැම්බර් මස පළමු සතියේදී සිදුවීමට නියමිත බවයි.
සංචාරය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර සාකච්ඡාවක්ද පසුගියදා පවත්වා තිබේ.
සංචාරය අතරතුරදී රාජනාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
දෙරට අතර ඒකාබද්ධ මෙහෙයුම්, පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.
මේ අතර, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදීද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබූ නමුත් එම සංචාරය පසුව අවලංගු කර තිබුණි.

