යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව Donald Trump ප්‍රකාශ කර තිබේ.
ඉරානය විසින් යුද්ධය වහාම නතර කිරීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් ඉවත් කිරීම සහ තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබාදීම ඇතුළත් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, සිය Truth Social ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානයෙන් ලැබුණු ප්‍රතිචාරය තමන්ට කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
මේ අතර, දෙපාර්ශ්ව අතර පවතින ආතතිය හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළටද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ ප්‍රතිචාරය පිළිගත නොහැකියි – ට්‍රම්ප්

