වර්තමානයේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්රවල ස්වභාවය වෙනස් වී ඇති බැවින්, උත්සව සමය තුළ ඒවා භාවිතා කිරීමේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාවට දැනුම් දෙයි.
අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
එහිදී අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ, ආපදා තත්ත්වය හේතුවෙන් පෙර භාවිතා කළ ජල ස්ථානවල ගැඹුර සහ ආරක්ෂාව වෙනස් විය හැකි බැවින්, නොදන්නා ස්ථානවල නාන හෝ පරිහරණය කිරීමට පෙර අදාළ තොරතුරු ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.
මේ අතර, පාසල් නිවාඩු සහ උත්සව සමය හේතුවෙන් රිය අනතුරු සහ අනෙකුත් අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ යන බැවින්, ඒ පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
පසුගිය වසරවල දත්ත අනුව, රියදුරන්, වාහනවල ගමන්කරුවන් සහ පදිකයන්ගේ අසාවධානය මත බොහෝ අනතුරු සිදුවන බවද, වාහනය මාර්ගයට ගෙන යාමට පෙර එය ධාවනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

