Friday, January 23, 2026
Homeදේශපාලනඋද්දික ප්‍රේ‍රමරත්නගේ ආරක්ෂකයන්ගේ පිස්තෝල පරීක්ෂා කෙරේ

උද්දික ප්‍රේ‍රමරත්නගේ ආරක්ෂකයන්ගේ පිස්තෝල පරීක්ෂා කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ‍රමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල අවි 02 වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කර තිබේ.

ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවට අද (18) නියෝග කර ඇත්තේ එම රසපරීක්ෂක විමර්ශනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ‍රමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ප‍්‍භූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල අවි දෙකින් වෙඩි ප‍්‍රහාර එල්ලකර ඇද්ද? යන්න අනාවරණ කරගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments