මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
විභාග ශාලාවට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තම අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්ය වේ. ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය නැවත භාගත කරගත හැකිය.
විභාගය සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය භාවිත කළ හැකිය.
ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලබාගැනීම සඳහා අවශ්‍ය ඡායාරූප පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා ලවාත්, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා ලවාත් සහතික කරවාගත යුතුය.
විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම් දී තිබේ.
ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන්, බ්ලූටූත් උපකරණ ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
විභාග නීතිරීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරිය සිසුන්ගෙන් ඉල්ලා සිටී.
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

