Sunday, December 14, 2025
Homeදේශපාලනඑජාපයේ තනතුරු වෙනසක්

එජාපයේ තනතුරු වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා එම ධුරයට පත් කර ගැනීම සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර එකඟතාවක් පළ වී ඇති බවද සඳහන්ය.

පක්ෂය පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එකම පුද්ගලයා රවී කරුණානායක මහතා බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අතර මතයක් පැවතීම ඊට හේතුව වී තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ සුළු පිරිසක් පමණක් මොහු පක්ෂ මහ ලේකම් ධුරයට පත්කර ගැනීමට පවතින සුදානම සම්බන්ධයෙන් සිය අකැමැත්ත පළ කර ඇති බවද සඳහන්ය.

ඊට හේතුව වී ඇත්තේ යම් හෙයකින් රවී කරුණානායක මහතා එම ධුරයට පත් වුවහොත් ඔහු පක්ෂ නායකත්වය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවට ඔවුන් මතයක් පැවතීම බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ‍ය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේ දී තවත් වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments