Thursday, November 13, 2025
Homeදේශීයඋද්ධමනය වැඩි වේ

උද්ධමනය වැඩි වේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ  ඔක්තෝම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 2.1 ක් දක්වා වැඩි වී ඇත. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ  උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 ක් විය.

 2025  ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.5 ක් දක්වා  වැඩි වී ඇති  අතර එය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.9 ක් විය. එසේම 2025 ඔක්තෝම්බර් මාසයේ  ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට  1.4 ක් දක්වා වැඩි වී ඇති  අතර  එය 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට  0.7 ක් ලෙස වාර්තා විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද  (31) දින මෙම උද්ධමන අනුපාත ප්‍රකාශයට පත් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments