Homeසියලුම පුවත්කථානායකට එරෙහි විශ්වාසභංගයට අද සිට අත්සන්

කථානායකට එරෙහි විශ්වාසභංගයට අද සිට අත්සන්

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීමේ කටයුතු අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇත්තේ අදාළ විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට භාරදීමටය.

විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව තහවුරු කළේය.

කථානායකවරයාට එරෙහිව චෝදනා 49ක් ඇතුළත් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති බව සඳහන් වේ.

මේ අතර, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments