Homeසියලුම පුවත්කල්පිටියේ ඛේදවාචකයක් – දරු දෙදෙනෙක් දියේ ගිලී මරුට

කල්පිටියේ ඛේදවාචකයක් – දරු දෙදෙනෙක් දියේ ගිලී මරුට

කල්පිටිය පොලිස් වසමේ කුරක්කන් හේන ප්‍රදේශයේ කලපුවක වල්ලමක් පෙරළීමෙන් එකම පවුලේ පිරිසක් අනතුරට ලක්ව තිබේ.

ඊයේ (11) දහවල් සිදුවූ මෙම අනතුරින් අවුරුදු 7ක් වූ පිරිමි දරුවෙකු සහ අවුරුදු 13ක් වූ ගැහැණු දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන දැල් රැගෙන ඒමට වල්ලමෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර, කයිට්ස් පොලිස් වසමේ වේලනය ප්‍රදේශයේ වෙරළ තීරයේ දිය නෑමට ගිය 52 හැවිරිදි පුද්ගලයෙකුද දියේ ගිලී මියගොස් තිබේ.

සිද්ධීන් සම්බන්ධයෙන් කල්පිටිය සහ කයිට්ස් පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments