කහතුඩුව, දියගම මාර්ගයේ ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් අද (25) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.
මාර්ගයේ ගමන් කළ වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී බස් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තුවාල ලැබූවන් අතරින් 17 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කහතුඩුවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු රෝහලට

