Homeසියලුම පුවත්කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 5කට ඇප

කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 5කට ඇප

පැමිණිලිකාර විශ්‍රාමික ගුරුවරියගේ ඉංජිනේරු පුත්‍රයා මෝටර් රථයක් මිලදී ගෙන නිවසට රැගෙන ඒමෙන් පසු, අසල්වැසි ඉඩමේ පදිංචි ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු විසින් එම රථය නිවසින් පිටතට ගැනීමට බාධා වන අයුරින් තාප්පයේ කොටසක් ඉදිකර ඇති බව සඳහන් වේ.මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ වාර්තාවක් සකස් කිරීමේ අරමුණින් බව පවසමින් සභාපතිවරයා විසින් මව සහ පුත්‍රයා ප්‍රාදේශීය සභාවට කැඳවා තිබූ බව වාර්තා වේ. එහිදී ඔවුන් දෙදෙනා කාමරයක රඳවා තබාගෙන කායික හා මානසික හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබේ.ඒ සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන මත සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.අධිකරණයේදී දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් පස්දෙනා ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments