පවතින අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්රිත පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
අද (29) පෙරවරු 10.00 සිට ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම, කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්රිත අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක්ද පවතින බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් එම ප්රදේශවල ජනතාව සහ රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
කුඩා ගඟ – මඟුර ගඟ පහත්බිම්වලට ගංවතුර අවදානමක්

