Monday, January 26, 2026
Homeසියලුම පුවත්කොටහේනේ සිදුකළ ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොටහේනේ සිදුකළ ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොටහේන පොලිස් වසමේ බ්ලුමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (24) වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්12 මිලිග්‍රෑම් 400ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 31 යන වයස්වල පසුවන බ්ලූමැන්ඩල් හා කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පසුගිය 18 වැනිදා රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බවටටයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments