Homeසියලුම පුවත්කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින්

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (28) ආරම්භ වීමට නියමිතය.
තෙවන දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් රැස්කර තිබූ අතර, ඒ අනුව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් පසුවෙයි.
තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 308ක් රැස් කළ අතර, ධනංජය ද සිල්වා ලකුණු 120ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා ඉනිම අත්හිටුවූහ. එහිදී ඇමීර් ජැන්ගු ලකුණු 233ක් සහ නායක රොස්ටන් චේස් ලකුණු 194ක් රැස් කළ අතර, ඔවුන් හයවන කඩුල්ල සඳහා ලකුණු 401ක වාර්තාගත සබඳතාවක්ද ගොඩනැගීය.
කොදෙව් ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments