Homeසියලුම පුවත්කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය දැඩි අබලන් තත්ත්වයේ - එරංග

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය දැඩි අබලන් තත්ත්වයේ – එරංග

එරංග ගුණසේකර මහතා පවසන්නේ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය මේ වනවිට සංවර්ධන ව්‍යාපෘතියක් නොව දැඩි ලෙස අබලන් වූ ස්ථානයක් බවට පත්ව ඇති බවයි.
අද (15) බේරේ වැව ආශ්‍රිතව ක්ෂේත්‍ර නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ව්‍යාපෘතිය නිසි නඩත්තු නොකිරීම හේතුවෙන් ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
2014දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබූ වෙළඳසැල් 92න් මේ වනවිට ක්‍රියාත්මක වන්නේ වෙළඳසැල් 16ක් පමණක් බවද සඳහන් වේ.
පවතින අනාරක්ෂිත තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදී, එම ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments