Homeසියලුම පුවත්ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට (09) දින ආරම්භ කිරීමට නියමිත බව එම සංගමය පවසයි.

දිවයිනේ වැඩිම ඛනිජ තෙල් බෙදුම්කරුවන් සංඛ්‍යාවක් බස්නාහිර පළාත නියෝජනය කරන බැවින් මෙම ශාඛාව කඩිනමින් පිහිටුවීමට කටයුතු කළ බව ඔවුන් සඳහන් කරයි.

ඛනිජ තෙල් බෙදුම්කරුවන් මුහුණ දෙන ගැටලු සඳහා මෙතෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සාධාරණ විසඳුම් ලැබී නොමැති බවත්, එම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවන බවත් එම සංගමය පවසයි.

කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්ක හැරුණු විට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල මේ වන විටත් මෙම සංගමයේ ප්‍රාදේශීය ශාඛා පිහිටුවා ඇත.

ඉදිරියේදී කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කරගනිමින්ද ශාඛා පිහිටුවීමට කටයුතු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

https://sinhala.adaderana.lk/news/229888

RELATED ARTICLES

Most Popular

Recent Comments