Homeසියලුම පුවත්ග්‍රෑන්ඩ්පාස් සහ පයාගල ප්‍රදේශවල සිදුවූ මාරක අනතුරු දෙකකින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු...

ග්‍රෑන්ඩ්පාස් සහ පයාගල ප්‍රදේශවල සිදුවූ මාරක අනතුරු දෙකකින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තොටලඟ සිට පෑළියගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ග්‍රෑන්ඩ්පාස් ලූකස් පාර හන්දිය අසලදී ප්‍රයිමූවර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත. තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරට සම්බන්ධ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදු කරයි.
එමෙන්ම පයාගල–මලේගොඩ මාර්ගයේදී යතුරුපැදියක් සහ පාපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකදී 43 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. තුවාල ලැබූ පාපැදිකරු හා යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු මෙම මරණය වාර්තා වී ඇති අතර පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments