පෝද්දල පොලිස් වසමේ වක්වැල්ල පාලම ආසන්නයේ ගිං ගඟේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ (23) සවස මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී මෙම මරණය සැකසහිත එකක් බවට අනාවරණය වී ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගිං ගඟෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි – සැකසහිත මරණයක් ලෙස විමර්ශන

