ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අද (24) අලුයම 2.30ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (25) අලුයම 2.30 දක්වා බලපැවැත්වේ.
ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වැසි පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
එමෙන්ම නිල්වලා ගංගා ද්‍රෝණියේ ජල මට්ටම් පිළිබඳ විශ්ලේෂණය අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලටද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

