Homeසියලුම පුවත්චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 3ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය...

චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 3ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

කොළඹ වරාය නගරයේ රැඳීසිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව අවශ්‍ය කරන චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

ඉකුත් 2026.07.23 දින සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.

මෙම අපරාධයට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරනු ලබයි.

එම චීන ජාතිකයන් තිදෙනා මෙරට රැඳීසිටින බවටත් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව අවසන්වී ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉහත සැකකාර චීන ජාතිකයින් තිදෙනා ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටින් පිටවීමේ හැකියාවක් ඇති බැවින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර, සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත යොමු කර තිබේ.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ස්ථානාධිපති / කොළඹ දිසා අපරාධ කොට්ඨාසය – 0718 591 735 යන දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments