Homeසියලුම පුවත්චීනය චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක සිතියමේ නව අනුවාදයක් එළි දක්වයි

චීනය චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක සිතියමේ නව අනුවාදයක් එළි දක්වයි

චීනය විසින් චන්ද්‍රයාගේ නව භූ විද්‍යාත්මක සිතියමක් එළිදක්වා තිබේ.

1:5,000,000 පරිමාණයෙන් සකස් කර ඇති මෙම සිතියම මීටර් 2.8ක් දිගින් සහ මීටර් 1.2ක් පමණ උසින් යුක්ත වේ. චන්ද්‍රයාගේ උතුරු හා දකුණු ධ්‍රැවයන්හි අර්ධ වශයෙන් සකස් කළ භූ විද්‍යාත්මක සිතියම්ද මෙයට ඇතුළත් කර තිබේ.

චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ආවාට 13,000කට වැඩි ප්‍රමාණයක් සහ ද්‍රෝණි 81ක් ඉතා නිවැරදිව සිතියම්ගත කර ඇති අතර, ඒවා භූ විද්‍යාත්මක ව්‍යුහයන් 14කට සහ පාෂාණ වර්ග 17කට වර්ගීකරණය කර ඇත.

චීන භූ විද්‍යා ඇකඩමියේ භූ විද්‍යා ආයතන අධ්‍යක්ෂ Yang Zhiming මහතා පවසන්නේ මෙම නව සිතියම චීනයේ චන්ද්‍ර ගවේෂණ කටයුතු සඳහා වැදගත් විද්‍යාත්මක සහායක් ලබා දෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ පරිණාමය පිළිබඳ මානව ගවේෂණයටද උපකාරී වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments