ජනාධිපතිවරයා මැයි දින වේදිකාවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයා වෙත සංදේශයක් යොමුකර ඇති බව එහි කැඳවුම්කරු ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම බරපතළ කරුණක් බවයි.
එමෙන්ම, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම සංදේශය අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්

