Homeසියලුම පුවත්ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින ජලාශ 80ක මේ වන විට සමස්ත ජල ධාරිතාව සියයට 48ක මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු H.M.P.S.D. හේරත් මහතා ප්‍රකාශ කරයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජලය වගකීමෙන් සහ අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද ඔහු සිදු කළේය.

කෙසේ වෙතත්, මෙවර යල කන්නයේ වගා කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බැවින් දැනට ජලාශවල පවතින ජල ප්‍රමාණය එම අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

තවද, ජලාශ ආශ්‍රිතව පානීය ජලය ලබාගන්නා ජනතාවට අවශ්‍ය ජල සැපයුම සඳහා දැනට පවතින ජල මට්ටම් ප්‍රමාණවත් බව ද හේරත් මහතා අවධාරණය කළේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින් පානීය ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් නොපෙනෙන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු H.M.P.S.D. හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments